



ඉහල මට්ටමේ කෘෂිකර්ම ප්‍රතිඵල සඳහා සවිස්තරාත්මක බෝග දත්ත, වගා කිරීමේ ක්‍රම සහ හොඳම පිළිවෙත් වෙත ප්‍රවේශය ලබා ගන්න.
අඛණ්ඩ ඉගෙනීම සඳහා අපගේ පුළුල් කෘෂිකර්ම සම්පත්, පර්යේෂණ සහ අධ්‍යාපනික පුස්තකාලය ගවේෂණය කරන්න.
බාධාවකින් තොර කෘෂිකර්ම වෙළඳාම සඳහා අපගේ ඒකාබද්ධ වෙළඳපොළේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමඟ සම්බන්ධ වන්න.





ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) විසින් ශ්‍රී ලංකාවේ "යාවජීව ගොවි අධ්‍යාපන වැඩසටහන" මුලපිරීම යටතේ සංවර්ධනය කරන ලද ExpoSpice, අපනයන කෘෂිකර්ම පාර්ශ්වකරුවන් සවිබල ගන්වයි, සන්නිවේදන හිඩැස් වසා දමයි.
මීට අමතරව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සහ දේශීය ICT විශේෂඥයින්යන්ගේ සහයෝගීතාවෙන් මෙම කර්තව්‍ය සිදු කර ඇත. මේ මගින් දිස්ත්‍රික්ක 17 ක ගොවි පවුල් 300,000 කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය තාක්ෂණික දැනුම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

ගොවි පවුල් 300,000 කට වැඩි පිරිසක් අපගේ ඩිජිටල් මෙවලම් මගින් අස්වැන්න සහ ආදායම වැඩි කර ගන්නේ කෙසේද?
විශේෂඥ සහය, නිවැරදි දැනුම සහ නව වෙළදපොල අවස්ථා සමග ExpoSpice ඔබට නව මාවතක් විවර කරයි.




ExpoSpice - ශ්‍රී ලංකාවේ විප්ලවීය සුහුරු ගොවිතැන් කලාවේ ඩිජිටල් යෙදවුම සතුව විශේෂාංග රාශියක් පවතී. ඉන් කිහිපයක් පහතින්.
බෝග නිෂ්පාදන උපදෙස්, අපනයන ක්‍රියා පටිපාටි, සහනාධාර තොරතුරු සහ හොඳ කෘෂිතාක්ෂණික ක්‍රමවේද දැනගැනීම ඇතුළු ඔබට අවැසි කටයුතු රාශියක් මෙම විද්‍යුත් මෙවලම මගින් සිදු කල හැක.
කණ්ඩායම් සාකච්ඡා, විශේෂඥ ප්‍රශ්නෝත්තර, ඇගයීම් සහ ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම් මඟින් ඔබ සැමවිටම අදාළ කොටස්කරුවන් සමඟ සම්බන්ධ කරයි. නවතම බෝග මාර්ගෝපදේශ සහ වෙළඳපල ප්‍රවණතා පිළිබඳව ඔබට දැනුම ලබා දෙයි.
නිෂ්පාදකයින් සහ ගැනුම්කරුවන් සෘජුව සම්බන්ද කරයි. සැපයුම්කරුවන් සහ මිලදී ගන්නන් ගොවීන් සමග සෘජුවම සම්බන්ධ වන අතර, මිල සාකච්ඡා කිරීම සහ වෙළඳපොළ සූදානම සඳහා පහසුකම් සපයයි.
ඔබේ සාර්ථකත්වය ඔබම නිරීක්ෂණය කරන්න. එසේම අප රටේ කෘෂි අපනයන අංශයේ නියැලෙන පාර්ශවකරුවන්ගේ දත්ත විශ්ලේෂණ මගින් ඔවුන්ගේ දියුණුවට කලයුතු දෑ හදුනා ගැනීමට අපනයන කෘෂි නිලධාරීන්ට හැකියාව ඇත. ඇතුලතින් දත්ත පදනම් තීරණ සෘජුව ගැනීමට හැක.
මෙම ඩිජිටල් වෙළඳපොළ මඟින් ඔබ සතුව ඇති නිෂ්පාදන ගැනුම්කරුවන්ට දැකගත හැකි වන පරිදි ප්‍රචාරණය කිරීමට ඔබට ඉඩ සලසයි. ඊට අමතරව, ගැනුම්කරුවන්ට තම අවශ්‍යතා ගොවීන්ට/නිෂ්පාදකයින්ට ප්‍රචාරය කළ හැකි අතර, ඔබට ලන්සු තැබිය හැකිය.
මෙමගින් ඕනෑම කෙනෙකුට බෝග අපනයනය, ඒවායේ සංවර්ධනය පිළිබඳව ඉගෙන ගැනීමට සහ, ඔවුන්ගේ දැනුම හා කුසලතා සඳහා "ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය" වෙතින් සහතිකයක් ලබා ගැනීමට ඉඩ සලසයි.
නව අපනයන වෙළදපොළ ප්‍රවේශයට අත්‍යවශ්‍ය භූ ස්ථානගත නිෂ්පාදන දත්ත ඇතුලත් කිරීමේ හැකියාව සඳහා මූලික පහසුකම් මෙහි ඇති අතර ඒවා තවදුරටත් වර්ධනයට පියවර ගෙන ඇත.

ExpoSpice ඔබ වෙත එන්නේ ලංකාවේ කෘෂිකාර්මික ප්‍රවීණයින්, රාජ්‍ය ආයතන සහ අනිකුත් ප්‍රධාන කොටස්කරුවන්ගේ ඒකාබද්ධ උත්සාහයක ප්‍රතිපලයක් ලෙසටයි









ඔබගේ ප්‍රදේශයේ ExpoSpice ක්‍රියාත්මක කිරීමට හෝ, පුහුණුව ලබා ගැනීමට හෝ, අධ්‍යාපනික සහය මෙවලම් ලබා ගැනීමට අවශ්‍යනම් අප හා සම්බන්ද වන්න.
ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකය – ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය හෝ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.